දේශීය

BREAKING: ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

පෙම් බැන්ද සිත් බැන්ද, ගම මහනුවරයි, ඇගේ සිනහව තහනම් , හිතේ සතුට ජවිතයේ, නෙලුම් විලේ, සත් දිනකින් ඔබේ කටහඬ වැනි චන්ද්‍ර කුමාර මහතාගේ මධුර ස්වරයෙන් වර්ණවත් වූ ගීත එදා මෙදා තුර රසික ජනතාව වඩාත් ආදරයෙන් වැළඳගත් වටිනා ගීත නිර්මාණයන් බවට පත් වුණා.

චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා විසින් ගායනා කරන ලද බොහොමයක් ගීත 70 දශකයේ දී නිර්මාණය වූ අතර ඔහු ගේ බොහෝ ජනප්‍රිය ගීතයන් සඳහා උපාලි කන්නන්ගර මහතා ගී තනු නිර්මාණයෙන් දායක වී තිබෙනවා.

ප්‍රේමකීර්ති මහතා විසින් රචිත පෙම් බැන්ද සිත් බැන්ද වැනි ගීතයන්ට චන්ද්‍ර කුමාර් කඳනාරච්චි මහතා ගායනයෙන් ලබා දුන් සාධාරණය ඒ මහතා කලා ලොවේ දිගුකල් බබළවන්නට හේතු විය.

මියයන විට ඒ මහතා 76 වන වියෙහි පසුවුණා.

Recent Posts

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

4 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

18 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

22 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

22 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

4 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 days ago