file
ඊශ්‍රායල රැකියා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බවත් ‘කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වුණේ නෑ’ වගේ තාරුණ්‍යය වළටම රැගෙන යාමට එම පාර්ශ්ව කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (23) මාතලේදී පැවැත්වුණු ‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ තරුණ වෘත්තිකයින් දිරිගැන්වීමේ වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාව මාතලේ දිස්ත්‍රික් වැඩසටහනේ දෙවැනි දිනයේ මෙම ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන පැවැත්වුණ අතර මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී එම වැඩසටහන පැවැත්විණි.
අමාත්‍යවරයා සමග දිරිගැන්වීමේ අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික උපදේශක ශ්‍යාම් යහම්පත්ද සහභාගි විය.
“මීට අවුරුදු දෙකකට කලින් ගෙදර ඔබට පාඩම් කරන්න ලයිට් තිබුණේ නෑ. තරුණ ප්‍රජාව සතුටින් ඉන්න ඕන. ජීවිතය ජය ගන්න ඕන. තරුණයින් අභියෝග බාර ගන්න ඕන. රට රැක ගැනීමේ සටනට දායක වුණ මිනිසුන්ගේ ජානවලින් පැවත එන තරුණයො තමයි මාතලේ ඉන්නේ. අපි හැම අතම තියෙන්නේ අසුබවාදය. ශෝකය. අපි මදක් සතුටු වෙන තැනට ඇවිත් හිටියට වැටෙන තැනින් අපි නැගිටින්න ඕන. 56 වෙනසෙන් අපිට ඉංග්‍රීසිත් නැති කළා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්.
මම ඊශ්‍රායලයේ ඉඳන් ආවේ පෙරේදා. අපි කොරියාවේ, මැදපෙරදිග, යුරෝපයේ රට රැකියා අපිට ලබෙනවා. ඒවට වෘත්තීය පුහුණුව ලබා දෙන්න, හෝටල් ක්ෂේත්‍රයේ නම් ලංකා හෝටල් පාසල හරහා ලක්ෂ තුනක් වන එහි මුදල ගෙවීමට ජනාධිපති අරමුදලෙන් කටයුතු කරනවා. විදේශ රැකියා ඉලක්ක කර වෘත්තීය පුහුණුව ලැබීමට කෙනෙකුට අවශ්‍ය නම් ජනාධිපති අරමුදලෙන් ඉඩ සලසලා ඉවරයි. සමහරුන්ට වැඩ පුළුවන්. සහතිකය නෑ. එහි පෙර දැනුම පරීක්ෂා කරලා, සහතිකය ලබා දීමට යන මුදලත් අපි දරනවා ස්මාට් යූත් ක්ලබ් හරහා. රට රැකියා කියා බොහෝ තරුණ තරුණියන් රවටන තැන් තියෙනවා. දැන් කෘෂිකර්ම, හෝටල්, ඉදිකිරීම් සඳහා රට යෑමට රැකියා තියෙනවා. නමුත්, මේ අතරේ ඇමතිගේ ලිස්ට් එකට දාලා දෙන්නම් කියලා කියන හොරුත් බිහි වෙනවා. වෙන අතරමැදියන්ට අහුවෙන්න එපා. ඊශ්‍රායලයෙන් රස්සා මල්ල කරගහගෙන එනකොට මාතර කයිවාරු රතු රැළියක කියනවා, අන්න මනූෂ මාතලේ ගිහින් රස්සා බෙදනවා. පිටරටට කොල්ලො කෙල්ලො යවන්න, කඹුරවන්න, ශ්‍රමය විකුණන්න කියලා. හැබැයි කයිවාරුව විතරයි. ඔබලාට මේ රස්සා ඕනද, එපාද? තරුණ බහුතරය කියන්නේ රට යවන්න. කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වුණේ නෑ වගේ හදන්නෙම තාරුණ්‍යය වළටම එක්කන් යන්න, තරුණයො හැටදාහක් මරපු කට්ටිය. ඊයේ රෑ මෙතන තිබුණ සංගීත ප්‍රසංගය අවසන් වෙද්දි කණ්ඩායමක් ඇවිත් අපිට තර්ජනය කළා, ගාල්ලෙන් මනූෂ ඇවිත් කොහොමද මෙහෙ සංදර්ශන කරන්නේ කියා. මෙතන හිටි හැමෝම මට එන්න කිව්වා. සමහරු මේකට කැමති නෑ.
ලෝකයේ මත විදිහට ගත්තොත් සූර්යා ගිනිගෙන දැවෙන ගුලියක් කියලා කිව්වා. පෘතුවිය ගෝලාකාරයි කිව්වා. හඳට ගියාද කියලත් දැන් විවාදයක් තියෙනවා. දේශපාලනයත් මාක්ස්වාදය, ලිබරල්වාදය, පැසිස්ට්වාදය, ජාතිකවාදය මුල් කර ගත් මතවාදයි තිබෙන්නේ. අපේ රටේ ජාතීන් වෙන් කරන්නයි ජාතිවාදය පාවිච්චි කරන්නේ. දැන් ඩිජිටල් ලෝකයේ මත දැන්වීම්කරණයෙන් වෙනස් කරනවා. බ්‍රෑන්ඩ් ගැන මතක් කරනවා. සතුට කියන එකත් සාපේක්ෂයි.
2048 රටේ ප්‍රශ්න විසඳලා, රට ණය නැති රටක් කරන්න ඕන ටික අපි කරලා තියෙනවා. තරුණයින් රට බාරගන්න වෙලාව තමයි 2048 කියන්නේ. මේක කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කරන දෙයක් නෙමෙයි. ජනතාවට නිදහස් රටක් හැදීමට කරන දෙයක්. මට ගාල්ලට සියලු ප්‍රතිලාභ දෙන්න පුළුවන්. මට මාතලේට කළාට මුකුත් ලැබෙන්නේ නෑ. ලබන සතියේ වවුනියාවට ගියාට අපිට මුකුත් ලැබෙන්නේ නෑ. 2048දී රට බාරගන්න අනාගත පිරිස කියාවි ‘මොනවද මුත්තේ මොකද කරන්නේ’ ගීතයේ වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටවපු අඹ ඇටේ අද ලොකු ගහක් වෙලා, මේ රට දියුණු රටක් බවට පත් වුණා කියලා.” යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…