file
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.
ඊට අමතරව මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.
එම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (19) වැසි ඇතිවීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…