Sunday, October 11, 2026
Homeදේශීයඋණුසුම තවත් දරුණු වෙයි - කාලගුණය අනතුරු අඟවයි

උණුසුම තවත් දරුණු වෙයි – කාලගුණය අනතුරු අඟවයි

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.

ඊට අමතරව මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.

එම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (19) වැසි ඇතිවීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

READ:   පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්