file
උප පොලිස් පරීක්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මූලිකත්වයෙන් පත් කළ මෙම කණ්ඩායම විමර්ශන සඳහා ඊයේ (18) රාත්‍රියේම නාරම්මල ප්‍රදේශයට ගිය බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවා.
පරික්ෂණ වලින් අනතුරුව වගකිවයුතු අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකු ඊයේ රාත්‍රියේ මියගියා.
එම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසින් නාරම්මල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…