Friday, April 24, 2026
Homeදේශීයදේශබන්දුගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්

දේශබන්දුගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්

උප පොලිස් පරීක්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මූලිකත්වයෙන් පත් කළ මෙම කණ්ඩායම විමර්ශන සඳහා ඊයේ (18) රාත්‍රියේම නාරම්මල ප්‍රදේශයට ගිය බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවා.

පරික්ෂණ වලින් අනතුරුව වගකිවයුතු අය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකු ඊයේ රාත්‍රියේ මියගියා.

එම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසින් නාරම්මල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණා.

READ:   මැයි 9වනදා පොලිසියට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්