දේශීය

අපරාධ මඩින්න නව වසරේ පන්දහසක් අලුතින් පොලිසියට


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙම අදහස් පල කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අධිවේගී මාර්ග පිවිසුම් වල රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සේවයේ යොදවා නොමැති අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරී කටයුතු විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි. එම සියළුම භටයන් අධිවේගී මාර්ගවල රාජකාරිවලින් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මක වීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීමයි. නමුත් පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260 ක පමණ වියදමක් දරණු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මක වීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ.

මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්ධනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්මණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳව ද සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කර ගැනීමට පියවර ගනු ලබනවා. කෙසේ නමුත් පොලිසියේ රාජකාරි ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව සිදුකරනු ලබනවා. ලෝකයේ ඕනෑම රටක ගිනි නිවීම් සහ ගලවා ගැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගිනි නිවන හමුදාව වැනි අංශ මගින්. අපේ රටේ විශේෂ කාර්ය බළකාය පිහිටවනු ලැබුවේ එවැනි කටයුතු සඳහා නොවේ.

2011 වසරේදී ගිනි නිවීම් හමුදාව මගින් මෙම කටයුතු සිදු කිරීම සඳහා මිල ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා. එම මිල ගණන් අධික බැවින් කෙටි කාලයකට පමණක් විශේෂ කාර්ය බළකාය එම සේවයට යොදවා ගත්තත් මේ වනතුරුත් එය සිදුකෙරෙමින් පවතිනවා. මේ වන විටත් මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ අදාල රාජකාරි සිදු කරනු ලබන්නේ ගිනි නිවීම් හමුදාව මගින්. ඒ ආකාරයටම අනෙකුත් අධිවේගී මාර්ගවලත් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගනු ලැබ තිබෙනවා.අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කර, යම්කිසි කාලසීමාවක් ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකාය ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත දිනයක් තීරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අධිවේගී මාර්ගයේ සිදුවිය හැකි අපරාධමය ක්‍රියාවන් පාලනය කිරීම සඳහා සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා අධිවේගී මාර්ග කොට්ඨාශය මගින් පෙර පරිදිම සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක්, විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 2345ක්, ඇති අතර නිලධාරි හිඟයක් පවතින්නේ ශ්‍රී ලංකා පොලිසියට නිසි පරිදි නිලධාරීන් ස්ථානගතවීම නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකා පොලිසියේ සියලූම තනතුරු වලට අදාළව බඳවාගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති අතර විධායක සේවා ගණයේ තනතුරු සඳහා එම පටිපාටිය අනුව උසස්වීම් ලබාදීම සිදුකරනු ලබයි. නියාමන සේවා ගනයේ අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියට අදාළව මෙතෙක් පැවැති නඩු කටයුතු හේතුවෙන් උසස් කිරීම් ලබාදීමට අදාල සම්මුඛ පරීක්ෂණ නොපැවැත්විණි. මේ වන විට එම නඩු කටයුතු අවසන් වී ඇති අතර අදාල බදවා ගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිවල කළ යුතු සංශෝධන සිදුකෙරෙමින් පවතී.

ඒ අනුව එම සංශෝධන සිදු කිරීමෙන් පසු අදාළ උසස්වීම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.


මාධ්‍ය ඒකකය
:මහජන ආරක්‍ෂක අමාත්‍යංශය

Recent Posts

නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…

3 hours ago

අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…

3 hours ago

උණුසුම් කාලගුණයෙන් ප්‍රංශයේ පුද්ගලයන් 18ක් මරුට

යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…

4 hours ago

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…

4 hours ago

බස්නාහිර සීග්‍රයෙන් ඩෙංගු වැඩිවෙනවා,ඩෙංගු වළක්වාගන්න මහජනතාවගේ තාම කිසිම සූදානමක් නෑ.-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…

1 day ago

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන්…

1 day ago