දේශීය

හිටපු පොලිස්පතිගේ චක්‍රලේඛනයක් පොලිස් මූලස්ථානය ඉදිරිපිට ගිනි තබයි.

හිටපු පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානවලට නිකුත් කළ චක්‍ර ලේඛනයක් ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී ගිනි තබා විනාශ කළා.

එම චක්‍රලේඛනය හිටපු පොලිස්පතිවරයා විසින් වාහන පැහැර ගැනීම වළක්වාලන ලෙසටයි නිකුත් කර ඇත්තේ.

ලීසින් වාහන දිගින් දිගටම පැහැරගෙන යෑමට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින් එම චක්‍ර ලේඛනය ගිනි තබා විනාශ කළේ ලීසින් වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංකරුවන් මහතා යි.

අසාධාරණ ලෙස වාහන පැහැර ගැනීමට පොලිස් ස්ථානවල නිලධාරින් ලීසින් ආයතන සමඟ එක්ව කටයුතු කරන බවත් දිගින් දිගටම මෙවැනි අසාධාරණ සිදු වුනොත් විශාල පිරිසක් සමග පොලිස් මූලස්ථානයේ ඉදිරිපිටට විරෝධතා පවත්වන බවත් කියා සිටියා.

Recent Posts

රාහුල කොළඹ ආදි සිසු සංගීත සැදෑව 28 දා..

මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…

3 hours ago

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

6 days ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

6 days ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

6 days ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago