හිටපු පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථානවලට නිකුත් කළ චක්‍ර ලේඛනයක් ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී ගිනි තබා විනාශ කළා.
එම චක්‍රලේඛනය හිටපු පොලිස්පතිවරයා විසින් වාහන පැහැර ගැනීම වළක්වාලන ලෙසටයි නිකුත් කර ඇත්තේ.
ලීසින් වාහන දිගින් දිගටම පැහැරගෙන යෑමට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව පවසමින් එම චක්‍ර ලේඛනය ගිනි තබා විනාශ කළේ ලීසින් වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංකරුවන් මහතා යි.
අසාධාරණ ලෙස වාහන පැහැර ගැනීමට පොලිස් ස්ථානවල නිලධාරින් ලීසින් ආයතන සමඟ එක්ව කටයුතු කරන බවත් දිගින් දිගටම මෙවැනි අසාධාරණ සිදු වුනොත් විශාල පිරිසක් සමග පොලිස් මූලස්ථානයේ ඉදිරිපිටට විරෝධතා පවත්වන බවත් කියා සිටියා.


