Friday, July 24, 2026
Homeදේශීයමොල්ලිගොඩ භූතයා අත්අඩංගුවට

මොල්ලිගොඩ භූතයා අත්අඩංගුවට

වාද්දූව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුණු වාද්දූව , මොල්ලිගොඩ පාර පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ඊයේ (07) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සැකකරු වයස 21ක තරුණයෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 200ක් හමුවූ බව පොලිසිය පවසනවා.

සැකකරු සම්බන්ධයෙන් හෙරොයින් ජාවාරම් සම්බන්ධ නඩු කටයුතු කිහිපයක් පවතන අතර ඔහු දීර්ඝ කාලයක සිට යතුරුපැදියෙන් ගොස් ජාවාරමේ නිරතව ඇත.

සැකකරු අද (08) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   "තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023" ට ජනපති නිව්යෝර්ක් නුවර දී එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්