ගලෙන්බිඳුණුවැව යක්කල හුරුළුවැව හන්දිය අසළ ඊයේ (07) සමෘද්ධිලාභීන් විරෝධතාවයක නිරත වුණා.
ඒ තමන්ට හිමි සමෘද්ධි සහනාධාරය අසාධාරණ ලෙස කපා දමා ඇති බව පවසමින්.
මෙහිදී විරෝධතාකරුවන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් කැකිරාව ගලෙන්බිඳුණුවැව මාර්ගය ඔස්සේ ගමන් කර යක්කල සමෘද්ධි බැංකුව අසළට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
මෙහිදී විරොධතාවේ නිරත පුද්ගලයෙකු සමෘද්ධි බැංකුවේ කළමනාකරු හමුවී ඔහු සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඊට කළමණාකරු විරුද්ධ වීමත් සමඟ ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.
ඒ විරෝධතකරුවන් සමෘද්ධි බැංකුවට ඇතුළු වීමත් සමග යි.
මේ අවස්ථාවේ කළමනාකරු පවසා සිටියේ..
මෙම ගැටලුව පිළිබඳව සමෘද්ධි බැංකුව වගකිවයුතු නොවන බවත් දත්ත එකලැස්කල පිරිස් විසින් සිදුකල වරදකින් උද්ඝෝෂණ ව්‍යාපාරය කල පිරිසට යම් අසාදාරණයට පත්ව ඇති බව තෙරුනෙ බවත් ඉදිරි 10 වෙනිදා දක්වා අසාදාරණයට පත්වු පිරිසට අභියාචනා ඉදිරිපත් කිරිමට හැකියාව ඇති බවයි.
අනතුරුව විරෝධතාකරුවන් තමන් පත්ව ඇති අසාධාරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.







