ක්‍රීඩා

අසේල ගේ ප්‍රහාරයෙන් ලෙජන්ඩ් කිරුළ මනිපාල් පිළට

2023 ලෙජන්ඩ්ස් ලීග් අවසන් මහ තරගය මනිපාල් ටයිගර්ස් සහ අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරාත්හි දී.

පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

එහිදී Rikki Clarke පන්දු 52කින් ලකුණු 80ක් රැස් කළා.

ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

Gurkeerat Singh ලකුණු 64 (36) යි.

පන්දු යැවීමේදී Pankaj Singh කඩුලු 02 ක් සහ තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 188ක ඉලක්කයක් හබා ගිය තිසර පෙරේරා ඇන්ජලෝ පෙරේරා අසේල ගුණරත්න ප්‍රමුඛ මනිපාල් ටයිගර්ස් කාණ්ඩායම පන්දුවාර 19ක් තුළ 05ක් පමණක් දැවී ලකුණු 193ක් ලබා තරගය ජය ගත්තා.

පන්දුවට පහරදීමේදී Robin Uthappa ලකුණු 40 (27)ක් රැස් කළා.

මැද පෙළ ශක්තිමත් කළ ඇන්ජිලෝ පෙරේරා පන්දු 23කින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු 13කින් ලකුණු 25ක් රැස් කිරීමට තිසර පෙරේරා සමත් වුණා.

මනිපාල් ටයිගර්ස් ජයග්‍රාහණය කරා ගෙන ගිය අසේල ගුණරත්න පන්දු 29කින් නොදැවී ලකුණු 51ක් රැස් කළා.

ඊට හයේ පහර 5ක් ද සමගින්.

අවසන් තරගයේ විරයා ලෙස අසේල ගුණරත්න ශූරතාව දිනාගද්දී තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ තිසර පෙරේරා.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

19 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

20 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

20 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

7 days ago