ක්‍රීඩා

BREAKING NEWS: ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රාහණය කරයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය කරමින්.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 240ක් පමණයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ KL Rahul පන්දු 107කින් ලකුණු 66ක් රැස් කළා.

Virat Kohli ලකුණු 54 (63) යි. නායක රෝහිත් ෂර්මා ලකුණු 47ක් ලබා ගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Starc ඉන්දීය ඉනිමේ කඩුලු ක් බිද දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 241ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 43ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියා.

ආරම්භයේ ඉන්දීය පන්දුයවන්න් හමුවේ ඕස්ට්‍රේලියාවේ මුල් කඩුලු 3 පන්දුවාර 11 වන විට දැවී ගියා.

එහිදී ඉවසිලිවන්ත ඉනිමක් ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රාහණය කරා ගෙන යෑමට T. Head සමත් වුණා.

ඒ පන්දු 120කින් ලකුණු 137ක් රැස් කරමින්. ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

T.head හට අගනා සහයක් ලබා දුන් M. Labuschagne පන්දු 110කින් නොදැවී ලකුණු 58 ක් රැස් කළා.

ඒ අනුව හය වන වරටත් එක්දින ක්‍රිකට් ලෝක ශුරතාවයක පහස හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

24 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago