Adolf Hitler embraces Rosa Bernile Nienau, then about 6, at his mountainside Bavarian retreat in 1933. He refused to cut off contact with her even after he was told that her grandmother was Jewish. Courtesy of Alexander Historical Auctions via AP
ඉහත දැක්වෙනුයේ බැලූ බැල්මටම සිනහවකින් මුව සරසාගත් මිනිසකු කුඩා ගැහැණු දරුවකු දෙසට සිය හිස නැඹුරුකර ආදරයෙන් වැළඳගන්නා සේයාරුවක් වීද, වඩාත් විමසිලිමත්ව බැලුවහොත් ඒ මිනිසා අන් කවරකුහෝ නොව දෙවන ලෝක සංග්‍රාමයට මුල්වූ, යුදෙව්වන් මිලියන 06ක් පමණ ඝාතනය කළ ලොව පහළවූ දරුණුතම ඒකාධිපතියකු ලෙස සැලකෙන ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) බව ඔබට පෙනීයනු ඇත.
ඇය නමින් රෝසා බර්නයිල් නියෙනෝ (Rosa Bernile Nienau) වන අතර ඇය යුදෙව් ජාතික දැරියකි. ලොවක් භීතියෙන් සලිත කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතමයා වූයේ මෙම යුදෙව් ජාතික කුඩා දැරියයි. ඇය යුදෙව් ජාතික දැරියක් බව ඔහු මුලදීම දැනුවත් වීද, මෙම මිතුදම නතර නොවුනේ වසර 5කට පසු ඉහළ පෙලේ නාසි නිලධාරීන් ගේ මැදිහත්වීමෙන්, මෙම කුඩා දැරිය සහ ඇගේ මවට හිට්ලර් සමග පවතින සබඳකම නවතන ලෙස කරන ලද නියෝගයෙනි.
ඔවුන් දෙදෙනාගේම උපන්දිනය යෙදී තිබුණේ එකම දිනයක (අප්‍රේල් 20) වීම අපූරු සිදුවීමකි. 1933 වසරේ වසන්ත සෘතුවේ කුඩා බර්නයිල් (Bernile) සහ ඇගේ වැන්දඹු මව මියුනිච් (Munich) හි පිහිටි තම නිවසේ සිට හිට්ලර් රැඳී සිටි ස්ථානය වෙත යන්නේ හිට්ලර්ගේ උපන්දිනය සැමරීමට පැමිණි පිරිස සමග එක්වීමටය. එහිදී කුඩා රෝසා බර්නයිල් ගේ උපන් දිනයද එදිනම යෙදී ඇති බව දැනගත් පසු ඇය හට පෞද්ගලිකව හිට්ලර් හමූවීමට අවස්තාව ලැබුණු අතර, ඇය ඔහුට ‘හිට්ලර් මාමා’ ලෙස අමතන ලදී. පසු කලක ඇයව හඳුන්වන ලද්දේ “The Führer’s child” (නායකයාගේ දරුවා) ලෙසය.
එම හමුවීමේදී හිට්ලර් ගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා වන හෙන්රිච් හොෆ්මන් (Heinrich Hoffmann) විසින් ගත් ඡායාරූපයක් ලෙස මෙම ඡායාරූපය සැලකේ. පසුව එම ඡායාරූපයේ පිටපතක් “The dear and [considerate?] Rosa Nienau Adolf Hitler Munich, the 16th June 1933,” ලෙස හිට්ලර් ඔහුගේ අතින්ම සටහන් කර කුඩා රෝසා බර්නයිල් වෙත යැවීමට අමතක නොකළේය.
ඔවුන් දෙදෙනාගේ මෙම අපූරු මිතුදම 1938 දක්වා වසර 5ක් පමණ පුරාවට පැවති අතර, ඒ අතර තුර කාලය තුල කිහිපවිටක් ඔවුන් මුණගැසුනු අතර අවස්තා 17ක් හිට්ලර් සහ ඔහුගේ සහයකයකු වන විල්හෙල්ම් බ්‍රක්නර් (Wilhelm Bruckner) සමග ලිපි හුවමාරුකර ගැනීමද සිදුව ඇත.
කුඩා රෝසා බර්නයිල් ගේ මිත්තනිය යුදෙව් ජාතික කාන්තාවක් වීම එවකට පැවති නාසි නීතීන් තුල දී මෙම කුඩා දැරියද සලකනු ලැබූයේ යුදෙව් ජාතිකයෙකු ලෙසය. හිට්ල්ර්ගේ අනුගාමිකයන් දැරිය ගේ යුදෙව් සම්භවය පිළිබඳ කරුණු දැනගැනීමෙන් පසු, ඔහුගේ පෞද්ගලික ලේකම් මාර්ටින් බෝර්මන් (Martin Bormann) විසින් ඇයට සහ ඇයගේ මවට හිට්ලර් හමුවීම නවතන ලෙස දන්වා ඇති අතර, ඔවුන් මෙම තහනම හිට්ලර් වෙතින් සඟවා තැබීමට වගබලා ගෙන ඇත.
ටික කලක් ගතවත්ම සිය ප්‍රියතම දැරියට කුමක් වී දැයි පුදුමයට පත්වූ හිට්ලර් සිදුව ඇති සිදුවීම දැනගත් පසු දැඩිලෙස කණගාටුවට පත්ව ඇත. සිය කුඩා මිතුරිය හෙළා දැකි පුද්ගලයන් සමග දැඩි ලෙස කෝපයට පත්ව ඇත. සිය පෞද්ගලික ඡායාරූප ශිල්පියා හෙන්රිච් හොෆ්මන් (Heinrich Hoffmann) සමග මේ සිදුවීම පිළිනඳ හිට්ලර් පවසා ඇත්තේ “මගේ කුඩා සතුටක් පවා විනාශකර දැමීමට දක්ෂ පුද්ගලයන් මෙහි සිටිනවා” (“There are some people who have a talented genius for spoiling all my little pleasures”).
කෙසේ නමුත් වසර 05 කට පසු 1943 ඔක්තෝබර් 05 වනදා කුඩා බර්නයිල් (Bernile) පෝලියෝ රෝගයට (Polio) ගොදුරුව මියුනිච් රෝහලේදී (Munich hospital) මරණයට පත් විය. හිට්ල්ර්ගේ පළමු හමුවීමෙන් වසර 10කට පසු ඇය මිය යනවිට ඇයගේ වයස අවුරුදු 17කි.
මෙම ඡායාරූපය මේරිලන්ඩ් (Maryland) හි ඇලෙක්සැන්ඩර් ඓතිහාසික වෙන්දේසියේ දී
(Alexander Historical Auctions) අමෙරිකානු ඩොලර් $10,000 (£7,500) කට 2018 වසරේදී අලවි විය.
නාසි නායක හිට්ලර්ගේ පෞද්ගලික ලේකම් මාර්ටින් බෝර්මන් (Martin Bormann) විසින් හිට්ලර් සහ කුඩා බර්නිල් (Bernile) අතර සම්බන්ඳය නවතා දමා වසරකට පසු දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ අතර වසර 06කට පසු එහි අවසානය වන විට යුදෙව්වන් මිලියන 06ක් පමණ මරණයට පත් විය.
©️Dinesh Abeywickrama
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය…
චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් මෝටර් රථ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් නව…
MANILA – Philippine President Ferdinand "Bongbong" Marcos Jr. and First Lady Liza Araneta-Marcos have presented…
ජාතික ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය…
මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න…
මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…