විදේශගත ශ්‍රමකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුලදී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබේ.
ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ඉකුත් වසරේ ඔත්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව සියයට 45.63 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලක් ලැබී තිබේ.
ඉකුත් වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2,929.4 ක් එනම් බිලියන 2.9 ක මුදලක් ලැබී තිබේ. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස දහයක කාලයට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලැබීම සියයට 66කිස් ඉහළ ගොස් ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…