ක්‍රීඩා

බංගලියන් හමුවේ ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 3කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 108ක් පන්දු 105 කින් රැස් කළා.

පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 280ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශය පන්දුවාර 41යි පන්දු 1ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 282ක් ලබා තරගය ජය ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් Najimul H.Shanto පන්දු 101 කින් ලකුණු 90ක් රැස් කළා.

බංග්ලාදේශයේ ජයග්‍රාහණයට අඩිතාලම දමමින් Najimul හා එක් වූ නායක Shakib Al Hasan ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 82(65)ක්.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුසංක කඩුලු 03ක් බිඳ දැමුවා.

ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා

Recent Posts

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

3 days ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

3 days ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

3 days ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

2 weeks ago