එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 3කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 108ක් පන්දු 105 කින් රැස් කළා.
පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලබා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 280ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශය පන්දුවාර 41යි පන්දු 1ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 282ක් ලබා තරගය ජය ගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් Najimul H.Shanto පන්දු 101 කින් ලකුණු 90ක් රැස් කළා.
බංග්ලාදේශයේ ජයග්‍රාහණයට අඩිතාලම දමමින් Najimul හා එක් වූ නායක Shakib Al Hasan ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 82(65)ක්.
පන්දු යැවීමේදී දිල්ශාන් මධුසංක කඩුලු 03ක් බිඳ දැමුවා.
ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා


