Sunday, July 26, 2026
Homeදේශීයමට කරපු වැඩේ ඉතාම කැතයි - මැතිව්ස් වෙච්ච දේ කියයි (වීඩියෝ)

මට කරපු වැඩේ ඉතාම කැතයි – මැතිව්ස් වෙච්ච දේ කියයි (වීඩියෝ)

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (06) බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේ දී සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යට අදහස් දැක්වූවා.

එම අවස්ථාවේ බංග්ලාදේශ නායකයාගේ හැසිරීම ඉතා පහළ මට්ටමේ එකක් බවයි මැතිව්ස් මාධ්‍යට ප්‍රකාශ කළේ.

නියමිත විනාඩි 2ක කාලය තුළ පන්දුවට පහරදීමට පිටියට නොපිවිසීම හේතුවෙන් ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර නොදී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා. ඒ බංග්ලාදේශ කණ්ඩායමේ ඉල්ලීම මතයි.

ඒ අනුව මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ළමු වතාවට කාලය ඉක්මවා යෑමෙන් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළා.

කෙස් වෙතත් මැතිව්ස් පිටියට පැමිණ සිටි අතර ඔහුගේ හෙල්මට්ටුවේ පටියක් කැඩීයාමෙන් එය මාරු කිරීමට යෑම නිසා යම් ප්‍රමාදයක් සිදුව තිබුණා.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
READ:   කන්දකාඩු පුනරුත්ථාපනයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්