file
ණය ගනුදෙනුවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඔන්ලයින් ණය ගනුදෙනුවක් නිසා ඔවුන් සියදිවි හානි කර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
39 හැවිරිදි සැමියා 32 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාගේ ද සිරුරු ඔවුන්ගේ නිවසේ තිබියදී හමුව තිබුණේ පසුගිය සැප්තැම්බර් 12 වනදා.
සියදිවි නසා ගත් බිරිඳ අන්තර්ජාලය හරහා ක්ෂණික ණය ලබා දෙන සමාගමකින් ණය මුදලක් ලබා ගෙන ඇති අතර ඇයට ආපසු ණය ගෙවීමට අපහසුවීමත් සමග එම සමාගම අදාළ කාන්තාවට සහ ඔවුන්ගේ පවුලේ අයට අසභ්‍ය පණිවිඩ යවා ඇති බවයි වාර්තා වන්නේ.
එම ණය ගනුදෙනුව සිදුකර ඇති දුරකථන අංකය සහිත කණ්ඩායම පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ලංකාවේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…