දේශීය

ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය

ගැසට් පත්‍ර 6ක් සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගිය දා රැස්වූ අවස්ථාවේ දී.

file

ඒ අනුව,

2023 අංක 25 දරන මුදල් පනත යටතේ රත්මලාන සහ යාපනය ගුවන්තොටුපොළ සිට අපගමන බදු ප්‍රමාණයන් (Embarkation Tax) ඇ.ඩො 60 සිට 30 දක්වා පහත දැමීම පිළිබඳ ගැසට් පත්‍රය.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් ගෙන්වන වාහන සුඛෝපබෝගී බද්දෙන් නිදහස් වන බැවින් එම වාහන විකිණීමේදී හෝ අපහරණයේදී අයකරන සුඛෝපබෝගී බද්ධ එම වාහනය භාවිත කළ කාලසීමාව මත අයකර ගැනීම.

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය යටතේ පැවති දිනයන් තවත් මාස කිහිපයක් දීර්ඝ කිරීම.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ මුදුණ කර්මාන්තයට අදාළව දේශීය තීන්ත නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට සෙස් බදු සහනයක් ලබා දීම.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2347/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි.

තිරිඟු පිටි ආනයනය සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය.

යන ගැසට් ප්‍රත්‍රයන් සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Recent Posts

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

4 hours ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

6 hours ago

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

8 hours ago

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago