Friday, April 10, 2026
Homeදේශීයදර්ශනීය ජෙමිනිඩ්ස් උල්කාපාත වැස්සේ උච්චතම අවස්ථාව බලන්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව

දර්ශනීය ජෙමිනිඩ්ස් උල්කාපාත වැස්සේ උච්චතම අවස්ථාව බලන්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව

මෙරට ජනතාවට දර්ශනීය උල්කාපාත වර්ෂාවක් බලා ගැනීමට අවස්ථාව හිමි වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

ඒ ලබන 14 වන දා රාත්‍රී 9.00න් පසු උතුරු නැඟෙනහිර අහස නිරීක්ෂණය කිරීමෙන්.

ජෙමිනිඩ්ස් ලෙස හැඳින්වෙන මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව වසරේ දර්ශනීය උල්කාපාත වර්ෂාවලින් එකක් වන බවයි සඳහන් වන්නේ.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීම නිසා ග්‍රහක කොටස් වායුගෝලයේ ගැටීමෙන් මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය වේ.

ජෙමිනිඩ්ස් උල්කාපාත තප්පරයට සැතපුම් 22ක (කිලෝමීටර් 33ක) වේගයේන් පෘථිවිය හමුවෙයි.

අනෙකුත් උල්කාපාත වර්ෂවන්ට වඩා නිරීක්ෂණය කිරීමේ පහසුව නිසා ලොව පුරා ජනතාව ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව නැරඹීමට වඩාත් ප්‍රිය කරයි.

READ:   අහසට යැවූ බැලූනයක් ගිනිගෙන කඩා වැටී, නිවසක් ගිනිබත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්