Friday, May 15, 2026
Homeක්‍රීඩාඅනුග්‍රාහකත්වය නැති නිසා ආසියානු ශූරතාවලියට එක් නොවෙන ආසියානු ශූරයා

අනුග්‍රාහකත්වය නැති නිසා ආසියානු ශූරතාවලියට එක් නොවෙන ආසියානු ශූරයා

ආසියානු ශූරතාවය දිනා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලකට මෙවර ආසියානු ශුරතාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

ඒ අනුග්‍රාහකත්වය නොමැති වීමෙන්.

රන්සිළු ජයතිලක පිට පිට හය වතාවක් පවර් ලිෆ්ටිං ශූරතාවය දිනාගත් ආසියාවේ ශූරයා යි.

මෙවර ආසියානු ශූරතාවලිය මැලේසියාවේ දී පැවැත්වෙනවා.

file

ඔහුට ආසියානු ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ අනුග්‍රාහකයෙකු නොමැති කමෙනි.

පසුගිය වසර හය තුළ ඔහු ස්වේච්ඡාවෙන් අනුග්‍රාහකයන් සොයාගෙන හය වතාවක් ආසියානු ශූරයෙකු වීමට විශාල කැපකිරීම් කර තිබුණා.

නමුත් දක්ශ ක්‍රීඩකයෙකු වන ජයතිලක නිසි ඇගයීමක් නැහැ.

file
file

රටේ වගකිවයුතු නිලධාරීන්ගේ සිට රටේ ක්‍රීඩා මාධ්‍යවේදීන් පවා ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් දැඩි උනන්දුවක් දක්වයි.

ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ දුර්වලතාවය නිසා වෙනත් කිසිම ක්‍රීඩාවක් වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට ලක්වන්නේ නැහැ.

මෙවැනි ස්වර්ණමය අවස්ථා ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වීම ගැන කණගාටුයි.

file

:Daily News

https://m.facebook.com/story.php?story_fbid=pfbid02PJeJky9Sb1VrSgGJkm1wuzCRTYG3ZcNnzKVcwWPGLUaNJs8XJUcjtVes1GAKC1Hfl&id=100063897228721&mibextid=Nif5oz

READ:   බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්