ගැසට් පත්‍ර 6ක් සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගිය දා රැස්වූ අවස්ථාවේ දී.

ඒ අනුව,
2023 අංක 25 දරන මුදල් පනත යටතේ රත්මලාන සහ යාපනය ගුවන්තොටුපොළ සිට අපගමන බදු ප්‍රමාණයන් (Embarkation Tax) ඇ.ඩො 60 සිට 30 දක්වා පහත දැමීම පිළිබඳ ගැසට් පත්‍රය.
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් ගෙන්වන වාහන සුඛෝපබෝගී බද්දෙන් නිදහස් වන බැවින් එම වාහන විකිණීමේදී හෝ අපහරණයේදී අයකරන සුඛෝපබෝගී බද්ධ එම වාහනය භාවිත කළ කාලසීමාව මත අයකර ගැනීම.
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය යටතේ පැවති දිනයන් තවත් මාස කිහිපයක් දීර්ඝ කිරීම.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ මුදුණ කර්මාන්තයට අදාළව දේශීය තීන්ත නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට සෙස් බදු සහනයක් ලබා දීම.
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2347/08 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි.
තිරිඟු පිටි ආනයනය සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය.
යන ගැසට් ප්‍රත්‍රයන් සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


