file
දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වර්ජනය අතරතුර මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කරමින් විනාඩී කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පැවැත්වුවා.
ඒ අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
දුම්රිය සේවයේ අනීතික වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉතා අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසුවා.
ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් දුම්රියෙන් ඇද වැටී අද උදෑසන මරණයට පත් වුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ වයස අවුරුදු 20ක් වූ ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට තොරතුරු ලැබී තිබෙනවා.
හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයා ගසක හෝ වයරක් වැනි යමක ගැටී දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…