Friday, June 5, 2026
Homeදේශීයබන්දුල ශෝකය පළකරයි.

බන්දුල ශෝකය පළකරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වර්ජනය අතරතුර මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කරමින් විනාඩී කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පැවැත්වුවා.

ඒ අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

දුම්රිය සේවයේ අනීතික වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉතා අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසුවා.

ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් දුම්රියෙන් ඇද වැටී අද උදෑසන මරණයට පත් වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ වයස අවුරුදු 20ක් වූ ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට තොරතුරු ලැබී තිබෙනවා.

හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයා ගසක හෝ වයරක් වැනි යමක ගැටී දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

file
READ:   2022 වසරට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්