Monday, April 27, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලි රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පසුගියදා මෙරට චීන තානාපති කාර්යාලයේ දී පැවත් වූ විශේෂ හමුවක් තුළ දී යි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා චීනය, ජපානය, ඉන්දියාව සහ අනෙකුත් මිත්‍රශීලි රටවල ආධාර සහ අනුග්‍රහය ලක් රජය බලාපොරොත්තු වන බව මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

READ:   දරුවන් තිදෙනෙකු සමග මේ මවට මියෙන්නට ඉඩ දෙනවාද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්