file
මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල පන්දහසක් (5000) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වා තිබෙනවා.
එම පරීක්ෂණ කට්ටල අතරින් තුන් දහසක් (3000) යොදා ගනිමින් බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය මගින් මැයි මස 10 වැනිදා සිට ජුලි මස 20 වනදා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව සඳහන්.
එමගින් හඳුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම් දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදු කර ඇති අතර අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක් හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතු වෙනවා.
නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත නිල වශයෙන් භාරදීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…