file
පවතින වර්ෂාව සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම සංවිධානය කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට,දෙහිඕවිට සහ රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළා.
මේ අතර අද ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…