දේශීය

ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී බාධා මඟහැරවීමට විශේෂ කමිටුවක්

ඖෂධ හා උපකරණ තරගකාරීත්ව මිලදී ගැනීමේදී පවතින බාධා මඟහැරවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ පසුගිය දා රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ගත් තීරණයකට අනුවයි.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතීත්වය මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන එ.එස්. සෙනෙවිරත්න මහතාට හිමිව තිබෙනවා.

සරල හා විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම හා ඊට ඇති බාධා පිළිබඳව එම කමිටුව මහජනතාවගෙන් ද යෝජනා කැඳවා තිබෙනවා.

එම යෝජනා හා අදහස් සැප්තැම්බර් 13ට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙනවිත් භාරදීම හෝ ඊමේල් කිරීමට හැකියි.

ලැබෙන සියලු යෝජනා සලකා බලා ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ දී පවතින බාධා සහ ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් එම කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙනවා.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

2 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

2 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

4 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

4 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

4 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

6 days ago