file
මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රන්භාණ්ඩ ඇතුළු දෘව්‍ය සහිත බෑගයක් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට හමුව තිබෙනවා.
මෙලෙස දුම්රියේ අමතකව ගොස් තිබුණේ මහනුවර කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ යුවළකගේ බෑගයකි.
එම බෑගය තුළ පවුම් 3ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35ක ඉතුරුම් සහතිකයක් ද, බැංකු පොත්, මෝටර් රථයේ බලපත්‍රය ඇතුළු දේපල තිබී ඇති බව වාර්තා වෙනවා.
බැංකු පොතේ තිබූ තොරතුරු අනුව සහ දිවයින පුරා දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කර බැගයේ අයිතිකරුවක් සොයා ගැනීමට දුම්රිය නිලධාරින් කටයුතු කර තිබුණා.
ඒ අනුව රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සහිත එම බෑගය අයිතිකරුවන් සොයා භාර දීමට දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න, සහකාර ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් කටයුතු කර තිබුණා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…