Saturday, April 25, 2026
Homeදේශීයඅමතක වෙලා ගිය රත්තරන් මල්ලක් අයිතිකාරයන් සොයා යළි භාර දුන්න - දුම්රියේ මනුස්සකම!

අමතක වෙලා ගිය රත්තරන් මල්ලක් අයිතිකාරයන් සොයා යළි භාර දුන්න – දුම්රියේ මනුස්සකම!

මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රන්භාණ්ඩ ඇතුළු දෘව්‍ය සහිත බෑගයක් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට හමුව තිබෙනවා.

මෙලෙස දුම්රියේ අමතකව ගොස් තිබුණේ මහනුවර කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ යුවළකගේ බෑගයකි.

එම බෑගය තුළ පවුම් 3ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35ක ඉතුරුම් සහතිකයක් ද, බැංකු පොත්, මෝටර් රථයේ බලපත්‍රය ඇතුළු දේපල තිබී ඇති බව වාර්තා වෙනවා.

බැංකු පොතේ තිබූ තොරතුරු අනුව සහ දිවයින පුරා දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කර බැගයේ අයිතිකරුවක් සොයා ගැනීමට දුම්රිය නිලධාරින් කටයුතු කර තිබුණා.

ඒ අනුව රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සහිත එම බෑගය අයිතිකරුවන් සොයා භාර දීමට දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න, සහකාර ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් කටයුතු කර තිබුණා.

READ:   වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්