Thursday, July 30, 2026
Homeදේශීයජූනි 1 දා සිට වරාය අධිකාරියට කරන ගෙවීම් ඩොලර්වලින් පමණයි

ජූනි 1 දා සිට වරාය අධිකාරියට කරන ගෙවීම් ඩොලර්වලින් පමණයි

භාණ්ඩ ආනයනය හා අපනයනයට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැව් සමාගම් විසින් කරනු ලබන ගෙවීම් සඳහා එක්සත් ජනපද ඩොලර් භාවිත කරන ලෙස වරාය හා නාවික නව කැබිනට් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත.

මේ මඟින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ඉක්මවන ආදායමක් ඉපයීමට හැකි හෙයින් ජූනි 1 දා සිට මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.

මෙමඟින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙතෙක් නැව් සමාගම්, වරාය අධිකාරියට ගෙවීම් කළේ ශ්‍රී ලංකා රුපියල් මඟිනි.

ඇමැතිවරයා සහ නාවික ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව මේ තීරණයට එළැඹ තිබේ.

රන්මලී සෝමසිරි -DINAMINA

READ:   බලහත්කාරයෙන් විවාහ කරවීමට එරෙහි ව්‍යාපාරයක්!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්