Tuesday, September 15, 2026
Homeදේශීයසං‍ශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

සං‍ශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අගමැතිවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු යැයි තමන් විශ්වාස කරන බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව තමන්ගේ විශ්වාසය යැයි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ යමින් ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙන බවත් ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහායත්, ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

නුවන් කොඩිකාර DINAMINA

READ:   නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000ක සහන මල්ලක් - බන්දුල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්