Sunday, September 27, 2026
Homeදේශීයඇල්ල බලන්න දුම්රියෙන් යන සංචාරකයින් අතරමඟ?

ඇල්ල බලන්න දුම්රියෙන් යන සංචාරකයින් අතරමඟ?

මෙරට ප්‍රධාන සංචාරක කලාපයක් වන ඇල්ල පුරවරයට දුම්රියෙන් ගමන්ගන්නා දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා.

ඒ එම කලාපයේ ගමනාගමනයේ යෙදෙන දුම්රියන් තුළ දැඩි මගී තදබදයක් ඇතිව තිබීම හේතුවෙන්.

පවතින පාසල් නිවාඩු කාලයත් සමඟ මේ දිනවල උඩරට මාර්ගයේ විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය ගමනාගමනයට පැමිණීම මීට හේතුව බව දුම්රිය කාර්ය මණ්ඩලය පවසනවා.

මේ අතර පවතින මගී තදබදය හේතුවෙන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඇතැම් සේවා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට නොහැකි බවයි සංචාරකයින් පැවසුවේ.

ආකර්ෂණීය සංචාරක කලාපයක් වන ඇල්ල පුරවරය සඳහා දුම්රියෙන් ලගා වීමට කැමැත්තක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පවතින තත්ත්වය හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඇල්ල දුම්රිය ස්ථානය සියලු මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.

file
READ:   මැතිව්ස් සමග දුෂ්මන්ත චමීර සංචිතයට 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්