පක්ෂ දේශපාලනය විසින් බෞද්ධ භික්ෂුව ග්‍රහණය කර ගෙන ඇති බවත් මාධ්‍ය විසින් පෙන්වන භික්ෂුන් පිරිස මෙරට සමස්ත බෞද්ධ භික්ෂුන් වහන්සේලා නොවන බවත් පූජ්‍ය කෝණකලගල උදිත නායක හිමියන් වහන්සේ පවසනවා.
යහපත් ලෙස රාජ්‍ය පාලනයට අතීතයේ සිටම බෞද්ධ හික්ෂූන් වහන්සේලා උපදෙස් ලබා දී ඇති බව සත්‍යක් වුවත් වර්තමානය වන විට පක්ෂ දේශපාලනය විසින් බෞද්ධ භික්ෂුව අවස්ථාව සඳහා ග්‍රහණය කර ගෙන ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පක්ෂ දේශපාලනයේ ග්‍රහනයට හසුවූ භික්ෂුන් වහන්සේලා කියන දේ මිනිස්සු පිළිනොගන්නා තැනට පත්ව ඇති බව උන්වහන්සේ පවසනවා.
මිනිස්සු වෙනුවෙන් කැපවෙන, හුදෙකලාව ශාසනික සේවාව කරන භික්ෂුන් වහන්සේලා ගැන මාධ්‍ය විසින් කතා නොකරන බවත් හොඳ දේවල් ඉදිරියට ගෙනියනවා වෙනුවට මාධ්‍ය විසින් කුණු රහ තලුමරමින් ජනතාවට ලබා දෙන බව උන්වහන්සේ පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,


