file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ දඹුල්ල අව්රා අතර පැවැති අවසන් මහා තරගය කැන්ඩි කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තා.
ඒත් සමඟ 2023 ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව තමන් සතු කර ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.
එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19.5 ක් තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 151 ලබා ගෙන තරගය ජය ගත්තා.
පන්දුවට පහරදීමේදී කමිදු මෙන්ඩිස් ලකණු 44ක් පන්දු 37 කින් රැස් කළා.
මොහොමඩ් හැරිස් ලකුණු 26 (22) යි. චන්දිමාල් ලකුණු 24 යි.
කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් රැස් කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…