Wednesday, September 30, 2026
Homeක්‍රීඩාLPL කිරුළ කැන්ඩි දිනාගනී..

LPL කිරුළ කැන්ඩි දිනාගනී..

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ දඹුල්ල අව්රා අතර පැවැති අවසන් මහා තරගය කැන්ඩි කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තා.

ඒත් සමඟ 2023 ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව තමන් සතු කර ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.

එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19.5 ක් තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 151 ලබා ගෙන තරගය ජය ගත්තා.

පන්දුවට පහරදීමේදී කමිදු මෙන්ඩිස් ලකණු 44ක් පන්දු 37 කින් රැස් කළා.
මොහොමඩ් හැරිස් ලකුණු 26 (22) යි. චන්දිමාල් ලකුණු 24 යි.

කැන්ඩි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් රැස් කළා.

READ:   සකීබ් පන්දු යවන්න යද්දී පිටියට සර්පයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්