දේශීය

“යාල් නිලා” ගමන් අරඹයි

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය ඊයේ (04) සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී නිල වශයෙන් දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය ආරම්භ කිරීම සිදුකර ඇත.

ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 05.52ට කන්කසන්තුරේ වෙත ලඟා වීමට නියමිතයි. එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ලඟා වන්නේ පෙරවරු 05.36ටයි.

නවීන, අති සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත යාල් නිලා දුම්රියට වායු සමීකරණය කරන ලද ප්‍රථම සහ දෙවන පන්තියේ මැදිරි, සනීපාරක්ෂක පහසුකම්, භෝජනාගාර ඇතුලු පහසුකම් ඇතුලත් වන බව සඳහන්.

file
file
file

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago