දේශීය

UPDATE: මනම්පිටිය මාරක බස් අනතුර: නවතම තොරතුරු

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාලමෙන් බස්රථයක් කොටලීය ඔයට පෙරළී අනතුරක් සිදුවුණා.

ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් පුද්ගලයින් 42දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරණු ලැබුවා.

අනතුර සම්බන්ධ බස් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික වේගයෙන් බස් රථය ධාවනය කර රියදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.

බස්රථය පැදවූ රියදුරුට මීට පෙරද අනතුරු දායක රිය පැදවීම් සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර නොමැති බවත් ඔහු වෙනත් විෂ මත්ද්‍රව්‍යක් භාවිත කර සිටියේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 42 අතර දරුවන් තිදෙනෙක් සහ කාන්තාවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අනතුරට පත් පුද්ගලයෙකුගේ තත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු දැඩිසත්කාර ඒකකයට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර අනතුරට පත් පෞද්ගලික බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල අවසර පත්‍රයක් නොමැති බව එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍යට පැවසුවා.

කෙසේවෙතත් බස් රථයට පළාත් අධිකාරිය විසින් යම් බලපත්‍රයක් නිකුත් කර ඇතිද යන්න පිළිබඳව මේ වනවිට පරිකෂ්ණයක් ආරම්භ කර ඇත.

Recent Posts

ශ්‍රී ලංකාවේ විදුලි බස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු සමාගමකින් යෝජනාවක්

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…

5 days ago

ක්‍රිකට් ගිලටීනයට හසුවූ විශේන්..

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…

5 days ago

ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පෝදා ආරම්භ වේ..

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…

5 days ago

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

2 weeks ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

2 weeks ago