පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාලමෙන් බස්රථයක් කොටලීය ඔයට පෙරළී අනතුරක් සිදුවුණා.
ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබුණා.
මෙම අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
තවත් පුද්ගලයින් 42දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරණු ලැබුවා.
අනතුර සම්බන්ධ බස් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධික වේගයෙන් බස් රථය ධාවනය කර රියදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
බස්රථය පැදවූ රියදුරුට මීට පෙරද අනතුරු දායක රිය පැදවීම් සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර නොමැති බවත් ඔහු වෙනත් විෂ මත්ද්‍රව්‍යක් භාවිත කර සිටියේද සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 42 අතර දරුවන් තිදෙනෙක් සහ කාන්තාවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
අනතුරට පත් පුද්ගලයෙකුගේ තත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු දැඩිසත්කාර ඒකකයට යොමු කර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර අනතුරට පත් පෞද්ගලික බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල අවසර පත්‍රයක් නොමැති බව එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍යට පැවසුවා.
කෙසේවෙතත් බස් රථයට පළාත් අධිකාරිය විසින් යම් බලපත්‍රයක් නිකුත් කර ඇතිද යන්න පිළිබඳව මේ වනවිට පරිකෂ්ණයක් ආරම්භ කර ඇත.


