Categories: දේශීය

වසර 04කට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි..

වසර 04කට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස්වුණා.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතයි.

පත් කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමි ද කටයුතු කරයි.

වසර 04කට පසු රැස් වූ මෙම පාලක සභා රැස්වීමට සියලු සාමාජිකයන් සහභාගී වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් ඊට සහභාගී නොවීය.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කළා.

Recent Posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

3 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

3 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

5 days ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

5 days ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

5 days ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

7 days ago