Friday, April 18, 2025
Homeදේශීයවසර 04කට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි..

වසර 04කට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි..

වසර 04කට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස්වුණා.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතයි.

පත් කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමි ද කටයුතු කරයි.

වසර 04කට පසු රැස් වූ මෙම පාලක සභා රැස්වීමට සියලු සාමාජිකයන් සහභාගී වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් ඊට සහභාගී නොවීය.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කළා.

READ:   පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්