Monday, June 29, 2026
Homeදේශීයවෙසක් නිවාඩුවට ගමන් යන්න විශේෂ බස් සහ කෝච්වි

වෙසක් නිවාඩුවට ගමන් යන්න විශේෂ බස් සහ කෝච්වි

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, හෙට (05) සහ ලබන 7 වැනි දා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

මේ අතර අද (04) සිට විශේෂ බස් සේවාවන් ක්‍රියාත්මක බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

එහි අධ්‍යක්ෂ ජනාරාල්වරයා පැවසුවේ, කොළඹ සිට පිට පළාත් දක්වා සහ පිට පළාත්වල සිට කොළඹ දක්වා ද මෙම බස් රථ සේවා ක්‍රියාත්මක බවයි.

READ:   වනිඳු හසරංග ගැන අයි.සී.සී.යෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්