මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු අතින් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
එතුමන් පසුගිය පෙබරවාරි 07 වන දා Windsor Castle හිදී බ්‍රිතාන්‍ය තුන්වන චාල්ස් රජු ගේ සුරතින් MBE සම්මානය හිමිකර ගත්තා.
ගණිතය සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතා තාරකා මාධ්‍ය, අන්තර් තාරකා, ආලෝක විසුරුම් න්‍යාය, සෞරග්‍රහ මණ්ඩලය, තාරකා රසායන විද්‍යාව, තාරකා ජීව විද්‍යාව ආදී විෂයන් පිළිබඳව සාර්ථක පරීක්ෂණ සිදු කළ තාරකා විද්‍යාඥයෙකු ලෙස හඳුන්වයි.
තාරකා විද්‍යාව සහ ඒ ආශ්‍රිත මාතෘකා සම්බන්ධයෙන් එතුමා විසින් මේ වන විට කෘති 30 ක් පමණ රචානා කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ගණිතය පිළිබඳව ගෞරව උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
තාරකා ජීව විද්‍යාව ඇතුළු විද්‍යාවේ දියුණුව සඳහා සිදු කළ මහඟු සේවාව වෙනුවෙන් මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙලෙස සම්මානයට පාත්‍ර වුණා.
එතුමන් සම්මානයට පාත්‍ර වු අවස්ථාව සහිත විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…