Thursday, July 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගය ඇෆ්ගනිස්ථානය ජය ගනී..

ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගය ඇෆ්ගනිස්ථානය ජය ගනී..

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය මීට සුළු මොහොතකට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයගත්තා.

ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 268 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී චරිත් හසලංක ලකුණු 91 ක් (95), ධනංජය ද සිල්වා ලකුණු 51, පැතුම් නිස්සංක ලකුණු 38 ක් වශයෙන් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී තරගයේ 46 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී IBRAHIM ලකුණු 98 ක් (98) , RAHAMAT ලකුණු 55 ක් , HASHMATULLAH ලකුණු 38 ක් සහ NABI නොදැවී ලකුණු 22* ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් සහ ලහිරු කුමාර සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ තවත් පන්දුවාර 3.1ක් ඉතිරිව තිබියදී.

READ:   ආරක්ෂක අමාත්‍යාංශය අලුත් අවුරුද්දට වැඩ අරඹයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්