Tuesday, July 28, 2026
Homeදේශීයතුන්වන චාල්ස් රජු සුරතින් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සම්මාන ලබයි (VIDEO)

තුන්වන චාල්ස් රජු සුරතින් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සම්මාන ලබයි (VIDEO)

මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු අතින් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

එතුමන් පසුගිය පෙබරවාරි 07 වන දා Windsor Castle හිදී බ්‍රිතාන්‍ය තුන්වන චාල්ස් රජු ගේ සුරතින් MBE සම්මානය හිමිකර ගත්තා.

ගණිතය සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතා තාරකා මාධ්‍ය, අන්තර් තාරකා, ආලෝක විසුරුම් න්‍යාය, සෞරග්‍රහ මණ්ඩලය, තාරකා රසායන විද්‍යාව, තාරකා ජීව විද්‍යාව ආදී විෂයන් පිළිබඳව සාර්ථක පරීක්ෂණ සිදු කළ තාරකා විද්‍යාඥයෙකු ලෙස හඳුන්වයි.

තාරකා විද්‍යාව සහ ඒ ආශ්‍රිත මාතෘකා සම්බන්ධයෙන් එතුමා විසින් මේ වන විට කෘති 30 ක් පමණ රචානා කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ගණිතය පිළිබඳව ගෞරව උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

තාරකා ජීව විද්‍යාව ඇතුළු විද්‍යාවේ දියුණුව සඳහා සිදු කළ මහඟු සේවාව වෙනුවෙන් මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙලෙස සම්මානයට පාත්‍ර වුණා.

එතුමන් සම්මානයට පාත්‍ර වු අවස්ථාව සහිත විඩියෝව පහතින්,

READ:   "2024 ඉන්දියාවේ ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු වූ ඇමති බන්දුල.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්