දේශීය

‘අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභිබවා ගිය’ දසහැවිරිදි ශ්‍රී ලාංකික දියණිය

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ. අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබේ.


ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා ඇත. මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබේ.


ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක්බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර තිබේ. අයින්ස්ටයින්ටත් වඩා IQ ඉහළයි. ආරියානාගේ මෙම දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක පුවත් පළකර තිබිණි.


අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටිති.
අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම ය.


IQ යනු කුමක්ද
Intelligence Quotient හෙවත් IQ යනු සිය බුද්ධිමත්භාවය මැනීමට භාවිත කළ හැකි ක්‍රමවේදයකි. එසේ බුද්ධිමත්භාවය මනින IQ පරීක්ෂණ ගණනාවක් පවතී. තමන් විසින්ම පවත්වන පරීක්ෂණය ඇතුළු 200 කට ආසන්න පරීක්ෂණවල ප්‍රතිඵල Mensa ආයතනය පිළිගනියි. ඇතැම් පරීක්ෂණ පැයකින් පමණ අවසන්වන අතර, ඇතැම් පරීක්ෂණ සඳහා කාලය සීමිත නැත.


ඇමෙරිකානු Mensa ආයතනයේ ප්‍රධාන මනෝ චිකිත්සකයා වන ආචාර්ය ෆ්‍රෑන්ක් ලව්ලිස් (Dr Frank Lawlis) පවසන පරිදි ඔවුහු සාමාන්‍යයෙන් spatial, quantitative, and verbal skills දක්ෂතා සලකා බලති.)


2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මවුපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව මව වන මේකලා පෙරේරා BBC සිංහල සේවයට පැවසීය.


“දුව විද්‍යාවට සහ ගණිතයට ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවත් එයා ගොඩක් හොඳට කතා කරනවා. ගොඩක් පොත් කියවන්න කැමතියි. එයා අපට ලැබුණ තෑග්ගක් විදිහටයි අපට හිතෙන්නේ,”
මේකලා පෙරේරා සඳහන් කළා ය.
මේකලා පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ උපාධිධාරිණියක වන අතර ඇයගේ සැමියා වන ජානක දඹරව හේවගේ බැංගලෝර් විශ්වවිද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි.මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.
ආරියානා ඇගේ දෙමාපියන් සහ නැගණිය සමඟ
“මගේ දුව හැම පරීක්ෂණයකින්ම ගොඩක් ලකුණු ගන්නවා. එයා නිතරම කාලය හරහා ගමන් කිරීම ගැන කතා කරනවා,” ජානක දඹරව හේවගේ පැවසීය. අරියානා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද නිරත වන බව ඔහු සඳහන් කළේ ය.BBC සිංහල සේවයට අදහස් දක්වමින් අරියානා ශ්‍රී ලාංකික ළමා පරපුරට විශේෂ පණිවුඩයක් ද ඉදිරිපත් කළා ය.


“සෑම දරුවෙකුටම යම් හැකියාවක් තිබේ. එය හඳුනාගෙන, දියුණුකර ගැනීම ඔවුන් විසින්ම කරනු ලැබිය යුතු ය.”

Resource- BBC News

උපුටා ගැනීම

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago