Tuesday, September 8, 2026
Homeදේශීයඅනවසරෙන් පතල් හෑරූ 9ක් STF දැලේ.. (VIDEO)

අනවසරෙන් පතල් හෑරූ 9ක් STF දැලේ.. (VIDEO)

ස්වාභාවික පරිසරයට හානි සිදු කරමින් රත්නපුර ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණීම් කරම්න් සිටි පුද්ගලයින් නව දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරින්ට විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

බලපත්‍ර නොමැතිව දිගු කලෙක පටන් මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පන්නල, බදුල්ල, දොඩම්පේ, සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 48 සහ 54 වයසේ පසුවන පුද්ගලයන් නව දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පතල් කැණීම් කිරීම සදහා භාවිතා කල එක්ස්කැවේටර් යන්ත්‍ර 03 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.

READ:   " කිතුලේ රා බාන්න ගොස් ජනතාවට කොටුවූ අනුර කුමාර දිසානායක " - නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්