Friday, April 24, 2026
Homeදේශීයමෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..

මෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..

කොටිපති ව්‍යාපාරික කාන්තාවක් විසින් කල පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාර තරුණිය පොලිසිය තුළ දී අසනීප වී පසුව අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එම පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙලෙස වැඩතහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , පොලිස් සැරයන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබා දීමට නියමිත බවද ආරංචි මාර්ග පවසනවා.

ටෙලි නට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාව තම නිවසේ තිබූ රන් භාණ්ඩ නැතීවීමක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අනුව එම නිවසේ සේවය කල කාන්තාව පසුගිය එකලොස් වනද අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව පොලිස් ස්ථානය තුළ දී අසනීප වීමෙන් මියගිය ඇය වයස අවුරුදු 42 ක්වූ තිදරු මවකි.

මියගිය කාන්තාවගේ මරණය සැකසහිත බව ඇයගේ ස්වාමියා ප්‍රකාශ කළා.

කන්තාවගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

READ:   ප්‍රතිපත්ති පොළී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්