වව්නියාව ඕමන්තෙයි දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලා ප්‍රදේශවාසින් සිදුකල විරෝධතාවක් හේතුවෙනි.
ඉන්දියානු ආධාර යටතේ මහව සිට වව්නියාව දක්වා වේග සීමාව වැඩිකරමින් දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු ඉකුත් ජනවාරි 05 වනදා ආරම්භ කර තිබුණා.
වව්නියාව සිට මැදවච්චිය අතර තේක්කවත්ත ප්‍රදේශයට දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලා ගම්වසින් රේල් පාර මත වාඩිවී පසුගිය දා විරෝධතවයක නිරත වුණා.
ඒ අනුව අදාළ දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු වලට බාධා පැමිණ ඇති බවත් පැයට කිලෝමීටර් 100 ක වේගයකින් දුම්රිය ධාවනය කිරීම සඳහා සකස් කර ඇති සැලසුම් ගම්වාසින් දුම්රිය හරස් මාර්ගයක් ඉල්ලීම නිසා අඩාල වන බවත් කොන්ත්‍රාත් සමාගම පවසා ඇත.
දුම්රිය මර්ගයේ ඉදිකිරීම් කටයුතු එලෙස ප්‍රමාදවීම හේතුවෙන් දිනකට ඩොලර් 10,000ක් බැගින් දිනකට ගෙවීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.


